EPL

චුන්නාකම් නඩුකරය (රවින්ද්‍ර ගුණවර්ධන කාරියවසම් එ. මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් අය)

කර්තෘ: කාංචනා ෂෙහානි Image Credits: CEB උධෘතය: මෑත කාලීන ඉතිහාසයේ තීරණය වූ පාරිසරික වශයෙන් වැදගත් මහජන අර්ථසාධක  නඩුකරයක් ලෙසට චුන්නාකම් නඩුව හැඳින්විය හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පුළුල් ලෙස අර්ථ නිරූපනය කරමින් ව්‍යවස්ථාපිත අධිකාරීන් විසින් රාජ්‍යයේ ස්වභාවික සම්පත් මහජනතාව වෙනුවෙන් භාරයක් ලෙස ආරක්ෂා කොට සුරක්ෂිත කිරීමේ වගකීම පැහැදිලි කර දුන් විජයග්‍රාහී නඩු තීන්දුවකි.   සිද්ධිමය කරුණු 1958 සිට චුන්නාකම් ප්‍රදේශයේ සහ යාපනය අර්ධද්වීපයේ ප්‍රදේශවාසීන්ගේ විදුලිබල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය කෙරුණේ රජයට අයත්